WINTRIX.com . WIN TRIXS.com: Windows 7/8 පරිගණකයක Hibernate on කර ගනිමු.

Sunday, December 9, 2012

Windows 7/8 පරිගණකයක Hibernate on කර ගනිමු.

අපි ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ windows 7/8/8.1 කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.ඒ වගේම අපිට ගොඩාක් වැදගත් වන windows feature එකක් තමයි hibernate කියන්නෙ.ඒ වුනට windows වල මේ  feature එක default setting එක විදිහට deactive වෙලා තමා තියෙන්නෙ.මම අද කියන්න යන්නෙ ඒක active කර ගන්නෙ කොහොමද කියන එක ගැන.


01.මුලින්ම command prompt එක  open කර ගන්න ඕනෙ administrator විදියට


ඒකට start button එක උඩ click කරල cmd කියල type කරල right click කරල run as administrator click කරන්නකො.නැත්තම් ඔයාලට කෙලින්ම cmd කියල ගැහුවට පස්සෙ Ctrl + Shift ගැහුව නම් වැඩේ හරි.

02.දැන් කරන්න තියෙන්නෙ මේ යටින් තියන command එක type කරල enter කරන එක.

powercfg -h on

ඕක ගහලා enter කරන්න නම් අමතක කරන්න එපා..........වැඩේ හරිගියා නම් මේ යටින් තියෙන විදිහට එන්න ඕනේ........


03.දැන් ඉතින් වැඩේ බාගෙකටත් වඩා ඉවරයි.හැබැයි ඉතින් කම්මැලි නොවී මේ ටිකත් කලොත් තමා හොඳ.නැත්තම් පස්සෙ ටිකක් කරදර වෙන්න පුලුවන්. :P


  • දැන් desktop උඩ right click කරල personalize යන්න.
  • screen saver කියන එක click කරන්න.එතකොට එන window එකේ  යටම තියෙන change power settings කියන එක click කරන්න.
  • දැන් එන window එකේ වම් පැත්තෙ තියෙන change when the computer sleeps කියන එකට යන්න.දැන් change advanced power settings යන්න.
  • දැන් මේ යටින් තියන විදියට හදා ගන්න තමා තියෙන්නෙ.

04.දැන් නම් වැඩේ ඉවරෙටම ඉවරයි.උඩ පියවරේ දි Allow hybrid sleep කියන එක off කරන්න කිව්වෙ නැත්තම් නිකම් sleep  දැම්මත් hibernate වෙන නිසා.

05.Hibernate deactivate කරන විදිය අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.command prompt එකේ ගහන command එකේ on වෙනුවට off කියල ගහන්න තමා ඕනෙ.

ඔන්න එහෙනම් කමෙන්ටුවකුත් දාල යන්න අමතක කරන්න එපා.......... 




        



No comments:

Post a Comment

Like

Comment