WINTRIX.com . WIN TRIXS.com: Storage Device එකක නියම capacity එකට වඩා අඩු අගයක් පෙන්වීමට හේතුව.

Thursday, December 13, 2012

Storage Device එකක නියම capacity එකට වඩා අඩු අගයක් පෙන්වීමට හේතුව.


ගොඩක් දෙනාට ඇති වෙලා තියෙන ගැටළුවක් තමා hard disk වල වගේම pen drive වලත් කියල තියෙන capacity එක ඇත්තටම නැති එක.ඒ කියන්නෙ 4GB pen එකක තියෙන්නෙ 3.72GB වගේ ප්‍රමාණයක්.320GB hard එකක තියෙන්නෙ 300GB  වගේ ප්‍රමාණයක්.මේකට හේතුව විදියට නොයෙක් අය විවිධ හේතු ඉදිරිපත්
කරනව.Backup වලට ඉඩ වෙන් වීම කියල සමහර අය කියනව.නමුත් ඒකට ප්‍රධාන හේතුව මේකයි.....

අපි දත්ත ප්‍රමාණය මනින්න යොදා ගන්නෙ byte කියන ඒකකයනෙ.ඉතින් ප්‍රමාණයෙන් විශාල අගයන් සඳහන් කරන්න අපි මේකට kilo,mega,giga,tera වගේ උප සර්ගයන්(prefixes) එකතු කරනවා.දැන් ඔයගොල්ලො හිතන්න එපා මම සිංහල පාඩමක් උගන්වන්න යනව කියල :D .ඒ වුනාට අවුල තියෙන්නෙ මෙතන තමා....

අපේ SI(System International) නාමකරණයේදි,

Kilo = 103 
Mega = 106 
Giga = 109 
Tera = 1012 
Peta = 1015

ලෙස තමා යොදා ගන්නෙ.මේකට කියන්නෙ SI prefix කියල.ඒ වුනාට පරිගණකය වැඩ කරන්නෙ 2 පාදයෙන්නෙ.එම නිසා පරිගණකයේ භාවිත වෙන්නෙ binary prefix.ඒකියන්නෙ, 

Kilo = 210 
Mega =220 
Giga = 230 
Tera = 240 
Peta =  250

ආකාරයට.දැන් storage device එකක අදාල නිශ්පාදිත ආයතනයෙන් නම් කරල එවන්නෙ ඒකෙ capacity එක SI ඒකක වලින්.නමුත් ඒ device එකේ capacity එක computer එකෙන් පෙන්වන්නෙ binary ඒකක වලින්.මෙන්න මේ පරස්පරේ තමා මේ capacity අඩු වෙලා පෙන්වීමට හේතුව.හරියටම කියනව නම්,

SI වලදි;  109 B = 1 GB 
Binary  වලදි; 230 B =1  GB
එම නිසා SI 1 GB = Binary (1/230 )*109 = Binary 0.9313225 GB
SI 4 GB = 0.9313225 * 4 = Binary 3.725 GB

තේරුනාද මන්දා?.......... :P

ඔන්න ඔහොම තමා capacity අඩු වුනේ!නැතුව pen හදන අය බොරු කියල එහෙම නෙමේ හොඳේ........ 

 

No comments:

Post a Comment

Like

Comment