WINTRIX.com . WIN TRIXS.com: Virtual Memory වැඩි කර පරිගණකයේ වේගය වැඩි කර ගනිමු.

Tuesday, December 11, 2012

Virtual Memory වැඩි කර පරිගණකයේ වේගය වැඩි කර ගනිමු.

මොකක්ද මේ virtual memory කියන්නෙ? virtual කියන නමින් කියවෙන විදියටම මේක පරිගණකයේ RAM එක ලෙස මවා පෙන්වන hard disk area එකක් ලෙස කෙටියෙන් කියන්න පුළුවන්.ඇත්තටම virtual memory එකෙන් කරන්නෙ මේකයි.

Virtual memory කියන්නෙ hard disk එකේ RAM ලෙස ක්‍රියා කිරීම
සඳහා වෙන් කල ඉඩ ප්‍රමාණයක්.RAM එක පිරීගෙන එන විට RAM එකේ සිට දත්ත Virtual memory වෙත යැවෙන අතර නැවත අවශ‍ය වූ විට RAM එක වෙත ලබා දේ.මේ නිසා RAM එක පිරීම මගින් පරිගණකය මන්දගාමී වීම අවම වේ.එනමුත් මෙය hard disk එකේ වෙන් කෙරෙන ඉඩ ප්‍රමාණයක් නිසා RAM එක තරම් speed නොවන බවද සිහි තබා ගත යුතුය.

මේ නිසා virtual memory එක වැඩි කර ගනිම මගින් පරිගණකයේ වේගය යම් තාක් දුරකට වැඩි කර ගත හැකි වනු ඇත.විශේෂයෙන්ම අඩු RAM  RAM එකක් සහිත පරිගනක සඳහා මෙය වඩා ප්‍රයෝජනවත් වනු ඇත.

හරි දැන් අපි බලමු කොහොමද මේ virtual memory එක වෙනස් කර ගන්නෙ කියල.virtual memory virtual memory virtual memory

Virtual memory වෙනස් කර ගන්නා ආකාරය.

My Computer මත right click කර properties යන්න.

Advanced System settings යන්න.
                         
Advanced tab එකට යන්න.

 Settings click කරන්න.

 Advanced tab එකට යන්න.

 Change click කරන්න.
 මෙහි custom size යන්න තෝරා ගන්න.initial size සඳහා  RAM එකේ ධාරිතාවට සමාන අගයකුත් maximum size සඳහා RAM එක මෙන් 3 ගුණයක පමණ අගයකුත් සාමාන්යයෙන් ලබා දෙනවා.

නමුත් සමහරුන්ගේ මතය මෙම අගයන් 2 ටම සමාන අගයක් ලබා දෙන්න ඕනෙ කියන එක.එහෙම දෙනව නම් initial size එකටත් RAM එක මෙන් 3ගුණයක් පමණ දිය යුතු වේ.



  • දැන් තියෙන්නෙ ඔක්කොම window ටික OK කරල දාන්න තමා.ආ තව computer එක restart කරන්නත් අමතක කරන්න එපා.
 


No comments:

Post a Comment

Like

Comment