WINTRIX.com . WIN TRIXS.com: Command Prompt එකෙන් Bootable Pen Drive එකක් සාදා ගන්නා ආකාරය.

Saturday, May 16, 2015

Command Prompt එකෙන් Bootable Pen Drive එකක් සාදා ගන්නා ආකාරය.


ඔන්න මම අද කියන්න යන වැඩේ නම් ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.අද මම පැහැදිලි කරන්න යන්නෙ කිසිම අම්තර software එකක් නැතිව bootable pen drive එකක් හදා ගන්නෙ කොහොමද කියලා.මේ වැඩේ ඉතින් software පාවිච්ච් කරලා නම් කර ගන්න ගොඩක් අය දන්නවා ඇති. එත් මේ විදියට කරන්න කිසිම software එකක් ඕන වෙන්නේ නැහැ. අනික මේ ක්‍රමය හරිම පහසුයි සහ ඉක්මන්. 



එහෙනම් වැඩේ පටන් ගනිමුකෝ.



1. මුලින්ම Command prompt එක administrator විදියට open කර ගන්න.
2. දැන් මේ යටින් තියෙන command එකින් එක type කරන්න. හැම command එකක්ම ඉවර වෙලා enter කරන්න අමතක කරන්න එපා.

DISKPART
LIST DISK
SELECT DISK 1(මෙතන ඕගොල්ලෝ 1 විදියට දෙන්න ඕන list disk ගැහුවාම එන list එකේ ඔයාලගේ pen drive එකට අදාළ අංකය. මේ අංකය වැරැද්ද ගන්න නම් එපා. එහෙම වුනොත් pen එක වෙනුවට hard එක format වෙන්නත් පුළුවන්.)

CLEAN
CREATE PARTITION PRIMARY
SELECT PARTITION 1
ACTIVE
FORMAT FS=NTFS QUICK (මේ command එක ගැහුවා ගමන් pen එක format වෙන්න පටන් ගන්නවා. එකට ටික වෙලාවක් යනවා.)

ASSIGN
EXIT

3. හරි දැන් pen එක bootable pen drive එකක් වෙලා ඉවරයි. දැන් තියෙන්නේ ඔයාලගේ windows .iso image එක mount කරලා ඒ image එක ඇතුලේ තියෙන සියලුම files pen එකට copy කර ගන්න එක.

4. දැන් pen එක අවශ්‍ය විදියට සකස් කර ගෙන ඉවරයි. ඊළගට පෙන් එක computer එකට ගහල computer එක restart කරලා BIOS menu එකෙන් "Boot form USB device" තෝරන්න. 

No comments:

Post a Comment

Like

Comment