WINTRIX.com . WIN TRIXS.com: Whats App on Web

Monday, April 13, 2015

Whats App on Web


අද වෙනකොට Whats App හාවිතා නොකරන කෙනෙක් නැති තරම්. ඕනෑම Smartphone එකක අනිවාර්යෙන් තියෙන application එකක් බවට Whats App පත් වෙලා තියෙනව. Whats App අලුතෙන්ම හදුන්වා දුන් feature එකක් තමා Whats App Web version එක. මේක web version එක්ක කිව්වට ඇත්තටම complete version එකක් නෙමේ. එහෙම කියන්න හේතුව තමා web version එක වැඩ කරන්න නම් ඊට සමගාමීව Whats App තියෙන phone එකත් ඉන්ටර්නෙට් සම්බන්ද වෙලා තියෙන්න ඕන වීම. වෙනත් විදියකට කියනව නම් phone එක online තියෙන්න ඕන.

නමුත් පරිගණකයේ වැඩක් කරමින් සිටින අතරතුර Whats App චැට් කරන අවස්ථාවක වගේ නම් මේක ප්‍රයෝජනවත් වෙනවා. මොකද එහෙම වෙලාවක phone එකේ chat කරනවට වඩා computer එකෙන් චැට් කරන්න පුළුවන් නම් ලේසි නේ. හිතන්න ඔයාල computer එකේ browser එකේ තියෙන link එකක් Whats App හාවිතා කරන කෙනෙක්ට යවන්න ඕන. ඒ වගේ වෙලාව Whats App web version එකක් හරහා පහසුවෙන් යවන්න පුළුවන්නේ. එහෙම නැතිනම් computer එකේ තියෙන file එකක් යවන අවස්ථාවක වුනත් මෙම පහසුකම යොදා ගන්න පුළුවන්.

මේ සදහා මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ web.whatsapp.com කියන ලින්ක්‌ එකට යන එක. එතකොට මම දාල තියෙන photo එකේ තියෙනවා වගී QR Code එකක් එනවා. දැන් තියෙන්නේ ඔයාලගේ phone එකේ data on කරලා Whats App options menu එකකේ තියෙන WhatsApp Web කියන button එක ඔබලා phone එකකේ කැමරාවෙන් browser එකෙන් ආව QR Code එක scan කරන එක විතරයි. ඉතුරු ටික නිකම්ම වෙනවා :)  හැබැයි මතක තියා ගන්න web version එක භාවිතා කරන හැම අවස්ථාවකම phone එකී data on කැරලා තියෙන්න ඕන කියන එක.

No comments:

Post a Comment

Like

Comment